Skip to main content

Posts

Showing posts from May, 2009

සුමේධ මාලේවන ට තරඟ තහනමක්

ගිය සති අන්තයේ පැවති මහනුවර සහ නාවික හමුදාව අතර රගබි පාපන්දු තරඟයේ දී අනතුරුදායක අන්දමින් ක්‍රීඩා කල නාවික හමුදා පිලේ අංක අට ක්‍රීඩක සුමේධ මාලේවන හට සති දෙකක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රගබි පාපන්දු සම්මේලනයේ විනය කමිටුව තීරණය කර ඇත. මේ අනුව යුධ හමුදා සහ CH කණ්ඩායම් අතර තරඟ ඔහුට මග හැරෙනු ඇත. මීට අමතරව මෙම තරඟයේ සිදු වූ විනය විරෝධි සිදුවීම් පිළිබදව වීඩීයෝ පටයක් මහනුවර පිල විසින් අදාල විනය කමිටුවට ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධව පරීක්ෂණ ඉදිරියේ දී පැවැත්වෙන බව නිවේදනය කර තිබේ.  

CR පිල ගුවන් හමුදාව පරදවයි

පසුගිය සති අන්තයේ පැවති තවත් අන්තර් සමාජ රගබි තරඟයකදී ගුවන් හමුදා පිල පැරදවූ CR සහ FC පිල ලකුණු 26 - 0 ක ජයක් ලැබීය. අෂේන් කරතේලිස්, චාමර විතානගේ , අෂා න් ඩි කොස්තා සහ හෙන්රි ටෙරන්ස් උත්සාහක දිනුම් වාර්තා කලහ.

CH ප්‍රථම තරඟය ජය ගනී

මෙවර අන්තර් සමාජ රගර් තරඟාවලියේ ආරම්භක තරඟයේදී පොලිස් පිල පරදවමින් ලකුණු 39-15 ක ජයක් ලැබීමට CH සහ FC පිල සමත් විය. මෙට්ලන්ඩ් පෙදෙසේ දී පැවැත්වුණු මෙමෙ තරඟයේ දී ඉතා ප්‍රබල ලෙස තරඟ වැදුණු CH පිල පහසුවෙන් පොලිස් පිල පරාජය කලේය. එම පිලේ ලකුණු 39 ට ගෝල දිනුම් 2 ක් සහ උත්සහක දිනුම් 5 ක් ඇතුලත් වූ අතර පොලිස් පිල ගෝල දිනුම් 1ක් , උත්සහක දිනුමක් සහ ඩ්‍රොප් ගෝලයකින් සිය ලකුණු රැස් කරන ලදී. සත්‍ය රණතුංග, රුෂික ප්‍රනාන්දූ , දිනේෂ් සංජීව , ලකල පෙරේරා, සජිත් බණ්ඩාර , මොහොමඩ් ඉසඩීන් CH පිල වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කල අතර සජිත් බණ්ඩාර ප්‍රවර්තන 2ක් සාර්ථක කර ගැනීමට සමත් විය. විවේක කාලය වන විට 10-3 ලෙස CH පිල ඉදිරයෙන් සිටියේය.

අන්තර් සමාජ රග්බි පිටියේ අවාසනාවන්ත සිදුවීමක්

මෙරට අන්තර් සමාජ රග්බි ඉතිහාසයට කලු පැල්ලමක් පසුගිය ඉරිදා ක් කරමින් මහනුවර සහ නාවික හමුදා තරඟය නිමා විය. මෙමෙ තරඟය නියමිත වේලාවට වඩා මිනිත්තු 12 කට පෙර නිමා කිරීමට තරඟය විනිශ්චය කල අරුණ ජයසේකර මහතා හට සිදු විය. වසර තුනකට පසු රග්බි පිටියට පිවිසි නාවික හමුදා පිල මුහුණ දුන් මුල්ම තරඟය වූ මෙය මහනුවර නිත්තෙවෙල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී හටගත් ගැටුම් කාරී තත්වය පාලනය කිරීමට නොහැකි වු හෙයින් තරඟය අතරමග නතර කරන විට මහනුවර පිල ලකුණු 36 - 5 ලෙස පෙරමුණ ගෙන සිටියේය. මෙමෙ තරඟයේ දී මහනුවර ක්‍රීඩක සංජීව ජයසිංහට පැති රේඛාව අසලදී නාවික හමුදා ආධාර කරවන් පහර දීමත් සමගම ඇතිවූ ගැටුම නිසා ෆසිල් මරිජා ඇතුලු ක්‍රීඩකයන් බරපතල තුවාල ලැබූහ. මෙරට රග්බි ඉතිහාසයේ කිසි දිනක ඇති නොවූ ආකාරයේ සිදුවීමක් වන මෙය පැහැදිලිවම අපේ රට තුල ක්‍රීඩාවේ විනය පිරිහීමට හොද උදාහරණකි.

සාන්ත තෝමසුවන් ත්‍රිත්ව පරදවයි

ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේදී අද පැවති තවත් අනතර් පාසල් ලීග් රගර් තරඟයකදී මහනුවර ත්‍රිත්ව පිල පැරදවූ ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයෝ 26-17 ක විශිෂ්ඨ ජයක් ලැබීමට සමත් වූහ.

රාජකීයෝ තෙවන ජය ලබති

මෙවර අන්තර් පාසල් රගර් පිටියේ සිය අපරාජිත භාවය තව දුරටත් රැකගත් කොළඹ රාජකීය ක්‍රීඩකයෝ අද සාන්ත පීතර පිල පැරදවීමට සමත් විය. බම්බලපිටියේ දී පැවැත්වුණුමෙම තරඟය 30-10 ලෙස ජය ගැනීමට රාජකීයන් සමත් වූහ. රාජකීය පිල වෙනුවෙන් නරේන් දාසන් , හම්සා හසන් සහ නිකිර සේනානායක ඇතුලු ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් වාර්තා කලහ.

ත්‍රිත්ව කිංස්වුඩ් ජය ලබති

පසුගිය සති අන්තයේ පැවති තවත් පාසල් රගබි තරඟ දෙකක දී සාන්ත අන්තෝනි පිල 49-10 ලෙස පැරදවීමට සමත් වූ අතර කිංස්වුඩ් පිල සාන්ත ජෝසප් පිල ද පරාජය කිරීමට සමත් විය. සාන්ත ජෝසප් සහ කිංස්වුඩ් තරඟය වඩා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කලද ප්‍රබල කිංස්වුඩ් පිල ඉතා පහසුවෙන් සාන්ත ජෝසප් පිල පරාජයට පත් කලේය. මෙම තරඟය කොළඹ රාජකීය පිටියේදී පැවැත්විණි.

මේ සති අන්තයේ තරඟ සටහන

මැයි 15 සාන්ත ජෝසප් - සාන්ත අන්තෝනි ,CR සහ FC පිටියේදී මැයි 16 කිංස්වුඩ් - ධර්මරාජ , බෝගම්බරදී මහානාම - ඉසිපතන , CR සහ FC පිටියේදී සාන්ත තෝමස් - ත්‍රිත්ව , ගල්කිස්සේ දී සාන්ත පීතර - රාජකීය , බම්බලපිටියේ දී උපුටා ගැනීම (http://thepapare.com)

ඉසිපතන හමුවේ සාන්ත පීතර පසු බසියි

මෙවර සති අන්තයේ පැවති තවත් උණුසුම් අන්තර් පාසල් රග්බි තරඟයකදී ඉසිපතන පිල ඉදිරියේ සානත් පීතර පිල පරාජයට පත් විය. බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිටියේදී පැවති මෙම තරඟයේදී ලකුණු 22-12 ලෙස ඉසිපතන විදුහල ජය ලැබීය. පසුගිය සතියේ සාන්ත තෝමස් පිල ඉදිරියේ පරාජය ලැබූ ඉසිපතන පිල සිය සුපුරුදු දස්කම් දැක්වීමට මෙම තරඟයේ දී සමත් විය. ප්‍රථම භාගය අවසන් වන විට 12-5 ලෙස ඉදිරියෙන් සිටියේ ඉසිපතන පිලයි.

සජිත් මල්ලිකාරච්චි CH පිලට

මෙවර අන්තර් ක්‍රීඩා සමාජ පිටියේ සිදුවන පෙරලි අතර නවතම වෙනස් කම සිදු කරමින් මහනැවර ක්‍රීඩා සමාජය නියෝජනය කල ඉතා ප්‍රබල ක්‍රීඩකයකු වන සජිත් මල්ලිකාරච්චි CH පිල හා එකතු වන බව දැන ගන්නට තිබේ. මහනුවර කණ්ඩායමේ නායකත්වය පවා දැරූ සජිත් ශ්‍රී ලංක් ජාතික කණ්ඩායමටද නැතිවම බැරි ක්‍රීඩකයකු විය. මේ අනුව ඔහු මෙවර තරඟවාරයේ දී සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරනු ඇත.

සාන්ත තෝමසුවන් ජය ගනී

මෙවර පාසල් රග්බි වාරයේ තමන් මුහුණ දුන් ප්‍රථම තරඟයේ දී රාජකීයන් වෙතින් ලැබූ පරාජයේ අමිහිරි මතකයන් ඉවත් කර දැමූ ගල්කිස්ස සාන්ත තෝමසුවෝ පසුගිය සති අන්තයේ දී ඉසිපතන පිල පැරදවීමට සමත් විය. තරඟයේ මුල් භාගයේ දී 12-3 ලෙස ඉසිපතන පිල පෙරමුණ ගත්තද අවසානයේ 28-12 ජයක් ලැබීමට සාන්ත තෝමසුවෝ සමත් වූහ. මෙම තරඟය හැව්ලොක් පිටියේදී පැවැත්විණි.

පාසල් රග්බි පිටිය තවත් උණුසුම් වෙයි.

වසර 54 ක දෙවිදුහල් අතර රග්බි ඉතිහාසයේ පෙරළියක් සිදු කල මරදාන සාන්ත ජෝසප් පිල පසුගිය සති අන්තයේදී 27-24 ලෙස මහනුවර ත්‍රිත්ව පිල පරදවමින් ඉතිහාසයට එක් විය. මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාල පිටියේදී ම එම පිල පැරදවූ සාන්ත ජෝසප් පිල මෙම තරඟවාරයට නව ජීවයක් එක් කිරීමට සමත් විය. මීට අමතරව නිත්තෙවෙලදී 39-6 ලෙස සාන්ත අන්තෝනි පිල පැරදවීමට කොළඹ රාජකීය පිල සමත් විය. මෙවර තරඟවාරයේ සිය මුල්ම තරඟයට මුහුණ දුන් සාන්ත පීතර පිල වෙතින් ධර්මරාජ පිල 61 -0 ලෙසද කිංස්වුඩ් හමුවේ 81- 10 ලෙස මහානාම පිල ද පරාජය විය.