Skip to main content

Posts

Showing posts from October, 2008

හොකී ශූරතාවය නැවතත් මොරටුව ට

සිය ජයග්‍රාහී ගමන තව දුරටත් ඉදිරියට රැගෙන ගිය මොරටුව විශ්ව විද්‍යාලයීය හොකී කණ්ඩායම මෙවරත් අන්තර් විශ්ව විද්‍යාලීය හොකී ශූරතාවය දිනා ගැනීමට සමත් විය. අයහපත් ආලෝක තත්වය මත 3-3 ලෙස තරඟය නිමා කිරීමට සිදුවූ නිසා මොරටුව සහ පේරාදෙණිය කණ්ඩායම් හට සම ශූරතාවය පිරි නමන ලදී. පසුගිය වසරේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම දිනාගත් මොරටුව පිල මෙවරත් ඉතා දක්ෂ ලෙස තරඟ වැදුනි. මුල් වටයේ දී ගොල 3-0 ලෙස ජයවර්ධන පුර පිලද අර්ධ අවසාන වටයේදී කොළඹ පිල ද අවසන් පූර්ව වටයේ දී කැලණිය පිල ද පරාජය කරමින් අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට මොරටුව පිල සමත් විය. සම ශූරතාවය දිනූ පේරාදෙණිය පිල මුල් වටයේ දී කොළඹ , අර්ධ අවසන් පූර්ව වටයේ දී ජයවර්ධන පුර සහ අවසන් පූර්ව වටයේ දී රුහුණු පිල පරාජය කරමින් අවසන් තරඟයට පිවිසීමට සමත් විය. මොරටුව පිල වෙනුවෙන් නදීෂ ප්‍රනාන්දු අති දක්ෂ ලෙස ක්‍රීඩා කල අතර සහිඩ් අහමඩ්, තරංග සොයිසා, දිනුක පෙරෙරා යන ක්‍රීඩකයන් කැපූ පෙනුනි. මොරටුව පිල ගාල්ල මහින්ද විදුහලේ ආදී ශිෂ්‍යකු වන තරංග සොයිසා විසින් මෙහෙය වූ අතර උප නායකත්වය ප්‍රභාත් අබේසේකර විසින් දරන ලදී. ජයග්‍රාහී පිල ඉෂාන් වීරසූරිය සහ